වසරේ ජනප්‍රියතම ගීතය

අහන් ඉන්න - අහගෙන ඉන්න

අහන් ඉන්න - අහගෙන ඉන්න
මගෙ සිත මොනවද - මුමුණනවා

යාය පුරා
නෙක නෙක පාටින්
මුදු මල් පෙති ඇහැරෙනවා
පොද වැස්සක සීතල ඇවිදින්
හිතට එබෙනවා
කෝඩුකාර මල් රේණු අගින්
සුවද බෙදනවා
ඒ සුවදින් මගේ හුස්ම රටා මවනවා

සිලිසිලියේ හමන සුළග
කොදුරන්නෙ අපටමයි
සතුට මිසක දුක මොකටද
සෙනෙහස මහමෙරයි
අමාවකේ දුක දුරලන
දහසක් තරු කැට නුඹටයි
ඒ එළියෙන් දැල්වෙන ලෝකය
මටමයි මගෙමයි

මුල් ගායනය - ඉන්ද්‍රචාපා ලියනගේ
පසු ගායනය - මේඛලා ගමගේ